Press "Enter" to skip to content

වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් ඝාතනයට ජෙඩාහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධ බව හෙළි වෙයි

අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් ප්‍රබලයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් නැමැත්තා සෞදි අරාබියේ ජෙඩා නුවරදී අත්අඩංගුවට ගෙන ගැණුනි.

පොලීසිය පැවසුවේ ඔහු සහ එම සංවිධානයේ තවත් ප්‍රබල සාමාජිකයින් සිව් දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාලව මොවුන් පස්දෙනා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන්නේ සවුදියේ ජෙඩාහි ගුවන්තොටුපලක් ආසන්නේ ඇති ලැගුම්හලක සැඟවී සිටියදීයි.

මෙහිදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා ලෙසින් සැලකෙන සහරාන් හෂීම්ගෙන් පසුව එහි නායකත්වයට පත්වීමට සිටි මොහොමඩ් මිල්හාන්ද අත්අඩංගුවට ගනු ලැබුවේය.

පොලිසීය පැවසුවේ ඔහු සමඟ සිටි එම සංවිධානයේ තවත් ප්‍රභල සාමාජිකයින් සිව්දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම්.ඒ.මොහොමඩ් මිලා, ඒ.අබුසාලි,එම්.අයි.එම්.ස්මායිල් සහ එම්.එම්.එම්.ෂානාවස් ෂව්‍රි යන අයයි.

අනතුරුව ඔවුන්ව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 282 දරන ගුවන් යානයෙන් අද අලුයම 04 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙන එනු ලැබුවේය.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කීරීම්වලදී අනාවරණ වී ඇත්තේ පසුගිය හජ් වන්දනා සමයේ මොවුන් මක්කම වන්දනාව සඳහා එරටට ගොස් ඇති බවයි.

මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවට ඔවුන්ට සැලවීමත් සමඟ ඔවුන් එහි සැඟව කාලය ගත කර ඇත.

එමෙන්ම මෙම කණ්ඩායමේ ප්‍රධානියා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාද මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිට ඇති බවද වාර්තා වෙයි.

පසුගිය මැයි මස 31වනදා පොලීසිය විසින් සොයාගත් සහරාන් හෂීම් භාවිත කළ ලැප්ටොප් පරිඝනකයේ ඇති දත්ත හා මොහොමඩ් මිල්හාන්ගේ පරිඝනකයේ ඇති දත්තවල සමානතා ඇති බවද පොලිසිය විසින් අනාවරණ කරගෙන ඇත.

වැඩිදුරටත් පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුද වන බවයි.

එමෙන්ම ඔවුන්ගේ ආයුධද මිල්හාන් නැමැත්තා විසින් පැහැරගෙන ගොස් ඇති බවත් එහිදී අනාවරණ වී ඇත.

එහිදී ගිනි අවි සහරාන් හෂීම් වෙත ලබාදී ඇත්තේ මිල්හාන් නැමැත්තා විසින් බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *