Press "Enter" to skip to content

සජිත් නම් කරන තුරු සටන් විරාම නෑ… සජිත් පිලෙන් බවුන්සරයක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරනතුරු රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහතා අතර කිසිදු සටන්විරාමයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළේය.

එම නිසා සජිත් එනවා රැලි මාලාවේ මීළඟ රැලිය මෙම මස පස් වැනිදා කුරුණෑගල දී පැවැත්වීමට නියමිත බවද එම ප්‍රකාශකයා පෙන්වා දෙයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර කිසිඳු එකඟතාවයක් ඇති වී නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරනතුරු මෙම සටන ක්‍රියාත්මක කිරීමට සජිත් පෙමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇති බවත් එම ජේෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *