Press "Enter" to skip to content

දේශපාලන පක්ෂ කිහිපයක් හෙට පොහොට්ටුව සමඟ සන්ධානගත වේ

මේ දක්වා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය නොකළ දේශපාලන පක්ෂ කිහිපයක් හා සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හෙට දින අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා අප වෙත ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගත වීම සිදු කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් පුළුල් වීම සහ ශක්තිමත් වීම අරමුණු කොටගෙන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ කටයුතු සිදුවන බවද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති ගේ නිල නිවසේදී හෙට උදෑසන මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතව ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *