Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

international-news

පක්ෂයේ විශ්වාසය කඩකළ ජනාධිපති ඉල්ලා අස්වෙයි

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබේ.

 

එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බවය.

 

එමගින් පක්ෂයේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවද වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කර තිබේ.

 

 

බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

 

ඇද වැටීමෙන්, 69 හැවිරිදි මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට තුවාල සිදුවී ඇත. රෝහල්ගත කිරීමෙන් පසු මැහුම් දැමීමට සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි.

 

මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නියෝජනය කරන්නේ ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයයි. ඇය ඇතුළත් කෙරුණේ කොල්කටා එස්.එස්.කේ.එම්. රෝහලටය. තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගියාය.

 

 

ඉහළ අහසේදී ගුවන් නියමුවන් දෙදෙනාට හොඳටම නින්ද යයි

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් තිබූ ගුවන් යානයක නියමුවන් දෙදෙනාට ඉහළ අහසේදී නින්ද ගොස් ඇතිබව වාර්තා වෙයි.

 

එරට ප්‍රකට ‘බතික් එයා’ ගුවන් යානයක් සුලවෙසි ගුවන්තොටුපොළේ සිට ජාකර්තා ගුවන්තොටුපොළට පියසර කරමින් තිබීයදී එම සිද්ධිය වාර්තා වුණි.

 

ජනවාරි 25 වනදා එය සිදුව ඇති අතර ඒ වනවිට ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 153 දෙනෙක් සිට තිබේ.

 

ඒ හේතුවෙන් Airbus A320 ගුවන් යානය සුළු වෙලාවක් නියමිත ගමන් මාර්ගයෙන් වෙනත් දිසාවකට ගමන් කර තිබුණ ද එම ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට නියමුවෝ සමත්වූහ.

 

නමුත් එම නියමුවන් දෙදෙනාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට එරට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරයි.

 

ඔවුන්ගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.

 

වාර්තාවන ආකාරයට 32 හැවිරිදි ප්‍රධාන නියමුවා යානය ගුවන් ගත වීමෙන් පැය භාගයකට පමණ පසු සහායක නියමුවාට දන්වා ඇත්තේ තමාට විවේකය අවශ්‍ය බැවින් ගුවන් යානයේ පාලනය ගන්නා ලෙසයි.

 

සහායක නියමුවා ඊට එකඟ වී තිබුණි.

 

නමුත් අනතුරුව සහායක නියමුවාටත් නින්ද ගොස් තිබේ.

 

ඔහු ගේ බිරිඳට ඊට මාසයකට පමණ පෙර නිවුන් දරුවන් ඉපදී ඇති අතර ඔහු දරුවන්ගේ කටයුතු සඳහා බිරිඳට සහාය වන බැවින් හරිහැටි නිදා ගෙන නොතිබූ බව සඳහන් ය.

 

 

Whatsapp හරහා ආගමට අපහාස කළ සිසුවා ජීවිතාන්තය දක්වා සිරගෙට

Whatsapp හරහා ආගමට අපහාස වන ආකාරයේ පණිවිඩ හුවමාරු කිරීමේ චෝදනාවක් මත පකිස්ථානයේ සිසුවෙකුට එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

පකිස්ථානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සිය (FIA) මඟින් මෙම 22 හැවිරිදි සිසුවාට එරෙහිව 2022 වසරේ දී නඩු පවරා තිබෙන අතර, එම නඩුවට අදාළව 17 හැවිරිදි තවත් සිසුවෙකුටද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බවයි එම වාර්තාවේ සඳහන්.

 

එහිදී එම 17 හැවිරිදි සිසුවාට මරණ දණ්ඩනය හිමි නොවී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීමට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු බාල වයස්කරුවෙකු නිසා බවයි සඳහන්.

 

එරට දෙවියන් ඇතුළු ආගමට අදාළ යැයි සැලෙකන දෑ වෙත අගෞරවයක් වන පරිදි ක්‍රියා කිරීම හෝ ඒ සම්බන්ධව අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම මරණීය දණ්ඩනය ලැබිය හැකි වරදක්.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිසුන්ගේ දෙමාපියන් මෙම තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකශ කළ බවයි.

 

 

රුසියානු විරෝධී ක‍්‍රියාමාර්ගයේ අසාර්ථකත්වය පිළිගනිමින් වික්ටෝරියා නූලන්ඩ් ඉල්ලා අස්වෙයි

එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඞ් ඉදිරි සති කිහිපය තුළ සිය ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නිවේදනය කරයි.

 

ආක‍්‍රමණශීලි ලෙස විදේශ ප‍්‍රතිපත්ති මෙහෙයවන්නෙකු ලෙස පුළුල් ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය,
2014 දී යුක්රේනයේ බටහිර පිටුබලය ලත් කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කළා ය. 2013 දෙසැම්බරයේ දී ඇය, අභාවප‍්‍රාප්ත සෙනෙට් සභික ජෝන් මැකේන් සමඟ යුකේ‍්‍රනය වෙත ගොස් කීව් නගරයේ මධ්‍යම චතුරස‍්‍රයේ සන්නද්ධ විරෝධතාකරුවන්ට පේස්ටි‍්‍ර බෙදා දුන්නේ ය. ඇල්බ‍්‍රයිට් ස්ටෝන්බි‍්‍රජ් සමූහයට සහප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ නව ලිබරල් ජාතික පරිත්‍යාගයේ (එන්ඊඞී) මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර නව ඇමරිකානු ආරක්ෂාව සඳහා වූ මධ්‍යස්ථානය (සීඑන්ඒඑස්) චින්තන මණ්ඩලයේ සුක්කානම ගනිමින් ට‍්‍රම්ප් පාලන සමයේ දී නුලන්ඞ් රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්විය. 2021 දී ජනාධිපති ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමෙන් පසු ඇය නැවත රජයට සම්බන්ධ විය. ඇය යුක්රේනය සන්නද්ධ කිරීමට සහ රුසියාව සමඟ ගැටුම සඳහා කියෙව් වෙත ආයුධ සපයන බටහිර සන්ධානයක් එක්රැස් කිරීමට කටයුතු කළේ ය. පසුගිය මාසයේ දී ඇය යුක්රේනයට ඩොලර් බිලියන 61 ක අරමුදල් අනුමත කරන ලෙස කොන්ග‍්‍රසයෙන් ආයාචනා කළ අතර, එයින් වැඩි ප‍්‍රමාණයක්, ආයුධ කර්මාන්තයේ රැකියා උත්පාදනය කිරීම සඳහා ”එක්සත් ජනපද ආර්ථිකයට ආපසු යන” බවට තර්ක කළේ ය.

 

පෙබරවාරි මස අවසානයේ දී සීඑන්එන් සම්මුඛ සාකච්ඡුාවක දී, නුලන්ඞ් මොස්කව් දෙසට එක්සත් ජනපද උත්සාහයන් පරාජය වීම පිළිගත්තේ ය. ඇගේ ප‍්‍රතිපත්තියේ ඉලක්කය පරිදි ” අපට අවංකවම අවශ්‍ය වූ රුසියාව ඇති නොවූ” බව පිළිගත්තේ ය. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මාරියා සකාරෝවා, නුලන්ඞ්ගේ පිටවීම ”බයිඩන් පරිපාලනය තුළ නූලන්ඞ් මෙහෙය වූ රුසියානු විරෝධී ක‍්‍රියාමාර්ගයේ අසාර්ථකත්වය” පිලිගැනීමක් බව කියා සිටියේ ය. නුලන්ඞ් විවාහ වී සිටින්නේ නව ඇමරිකානු සියවස සඳහා වූ ව්‍යාපෘතියේ සම-නිර්මාතෘවරයෙකු වන නව කොන්සර්වේටිව් ප‍්‍රබල රොබට් කගන් සමඟ ය. අඟහරුවාදා ප‍්‍රකාශයක් නිකුත් කරමින්, බ්ලින්කන් සඳහන් කළේ, රාජ්‍ය තාන්ත‍්‍රිකයින් සහ විදේශ ප‍්‍රතිපත්ති සිසුන් විසින් ”‍ඉදිරි වසර සඳහා”‍ ඇයගේ ”‍යුක්රේනය පිළිබඳ නායකත්වය”‍ අධ්‍යයනයේ විෂය වනු ඇති බවයි.

 

 

අමෙරිකාව ගාසා තීරයට ගුවනින් ආහාර මලු දමයි

අමෙරිකානු යුද ගුවන්යානා ගාසා තීරයට ගුවනින් ආහාර මලු හෙළා තිබේ.

 

C-130 යානා තුනක් යොදාගෙන ආහාර මලු 30,000ක් පමණ ගාසා තීරයට දැමූ බව අමෙරිකානු බලධාරීන් පවසයි.

 

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ආහාර රැගත් ලොරි පෙළක් අසලට රැස්වූ පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් මියයෑමෙන් පසුවය.

 

හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය විසින් එම පිරිසට ප්‍රහාරයක් එල්ලකළ බවයි.

 

 

බටහිර රටවල අනුග්‍රහයෙන් සෙලෙන්ස්කී සෞදියේ

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය.

 

යුක්රේන ජනාධිබතිවරයා සෞදියේ රියාද් නුවර ‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ විශේෂ යුක්රේන ගුවන් යානයකිනි. ගමනට අනුග්‍රහය දැක්වූයේ බටහිර රටවල් බව ද පැවැසෙයි.

 

‘කිංග් කලීඩ්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි යුක්රේන ජනාපධිපතිවරයාට සෞදි රජයෙන් උණුසුම් පිලිගැනීමක් හිමිවිය. රියාද් නියෝජ්‍ය ආණ්ඩුකාර මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් අබ්දුල්ලාසි කුමරු ප්‍රමුඛ සේදි රජයේ විශේෂ නියෝජිතයෝ රැසක් යුක්රේන ජනාපධිතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

 

සෞදිය සහ රුසියාව අතරේ සමීප මිතුදම් පවතී. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතරේ ද සමීප හිතවත්කම් පවතී.

 

රුසියාව යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදා ක්‍රියා මාර්ගය අවසන් කිරීමට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් පියවර ගත යුතු බවත්, රුසියන් හමුදා අත්අඩංගුවේ සිටින යුක්රේන යුද සිරකරුවන් නිදහස් කළ යුතු බවත් යුක්රේන ජනාපධිතිවරයා සෞදි කුමරු හමුවේ පැවැසුවේය.

 

යුද්ධය අවසන් කිරීමට රුසියාව මෙන්ම යුක්රේනය ද අවස්ථා ගණනාවකදී සාම සැලැසුම් යෝජනා කර ඇති නමුත්, එම සාම සැලැසුම්වල ඇති කොන්දේසි පිළිගැනීම දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර නැත.

 

යුක්රේන ජනාපධිතිවරයා යුක්රේනයේ සාම සැලැස්ම පිළිබඳව සෞදි කුමරු දැනුවත් කළේ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සෞදිය මැදහත් වන්නේ නම් ඒ ගැන තමන් සතුටු වවන බව ද සෙලෙන්ස්කී, සල්මාන් කුමරුන්ට පවසා ඇත.

 

සෞදි අරාබිය, යුක්රේනයට වඩා සමීප මිතුදම් පවත්වන්නේ රුසියාව සමඟය. එසේ වුවත් රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, සාම වැඩපිළිවෙළක් සඳහා දෙපාර්ශ්වය කැමැති කර ගැනීමට තමන් සූදානම් යැයි සෞදිය අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබුණි.

 

 

ඇමෙරිකාව හයිටියට යැවූ සහල්වල පිළිකා සහ හෘද රෝග අවදානම වැඩි කළ හැකි අහිතකර ද්‍රව්‍ය

හයිටි රාජ්‍යයට වෙත අමෙරිකාව විසින් අපනයනය කළ සහල් තොග වැඩි ප්‍රමාණයක පිළිකා සහ හෘද රෝග අවදානම වැඩි කළ හැකි අහිතකර ආසනික් සහ කැඩ්මියම්, බැර ලෝහ අඩංගු බවට මිචිගන් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

 

අමෙරිකානු සහල් ගැනුම්කරුවන් අතර හයිටි රාජ්‍යය ප්‍රමුඛස්ථානයේ පසුවන අතර එය බටහිර අර්ධගෝලයේ පවතින අධික දරිද්‍රතාවයෙන් පෙළෙන රාජ්‍යයක්.

 

සමීක්ෂණයක් මගින් ඇතැම් ආනයනික සාම්පල ජාත්‍යන්තර ප්‍රමිතීන් ඉක්මවා ඇති බවට අනාවරණ වී ඇති අතර, හයිටිය ආනයනය කරන ලද සහල් සාම්පල සියල්ලම පාහේ ළමා පරිභෝජනය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයේ නිර්දේශය පිලිපැද නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

 

අමෙරිකාව සහල් අපනයනය කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ මෙක්සිකෝව සහ ජපානය ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

බිරිඳගේ ගෙල කපා හිස කොටස ද සහිතව මහමඟ ගමන් කළ පුද්ගලයා අත්අඩංගුවට

තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර එම හිස කොටස ද සහිතව මහමඟ ගමන් කරමින් සිටි සැමියෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

 

බිරිඳට අනියම් සබඳතාවයක් පවතින බවට ඇති වූ සැකයක් මුල් කරගනිමින් ඔහු මෙසේ සිය බිරිඳව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ඇති බවයි.

 

 

හිස්බුල්ලා ඊශ්‍රායලයට පහර දෙයි

ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ප්‍රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්‍රායලයටය. එම රොකට් ප්‍රහාර, ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායල හමුදාව සමත් විය.

 

හිස්බුල්ලා සටන්කාමීන්ට සහාය දක්වන්නේ ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයයි. හිස්බුල්ලා සටන්කාමීන් මෙසේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ ඊශ්‍රායලය ලෙබනන් දේශසීමාවේ හඳුනාගත් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා නායකයකු මියයෑමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමිනි.