Press "Enter" to skip to content

ජවිපෙ දාර්ශණික දුගී බව හා අනුර බෝපගේ කෝළම,

මෙම ඡායාරූපයේ සිටින්නේ අනුර කුමාර දිසානායක මහතා,ලයනල් බෝපගේ මහතා හා තවත් අයෙකි.ලයනල් බෝපගේ යනු උපතිස්ස ගමනායක සහෝදරයාට පෙර ජවිපෙ සිටි ප්‍රධාන ළේකම්වරයායි,ඔහු ජවිපෙන් ඉවත් කරනු ලැබුවේ රෝහණ විජේවීර සහෝදරයා සමග හටගත් මතවාදීමය ගැටලුවක් මතය.ඊට අමතර චෝදනා ගනනාවක් ඔහුට තිබූ අතර මා ඒවා මෙම සාකච්ඡාව සදහා අදාල කර ගන්නේ නැත.

ලයනල් බෝපගේ මහතා දෙමළ ඊළාම්වාදී සංවිධානය විමුක්ති සංවිධාන ලෙස පිළිගත් අයෙකි.ජවිපෙ ඔවුන් සමග අත්වැල් බැද ගත යුතුය යන ස්ථාවරය නියෝජනය කළ අයෙකි. සමාජවාදය වෙනුවෙන් ජවිපෙ ගෙනයන සටන ඔවුන් හා ඒකාබද්ධව කළයුතු බව පිළිගත්තෙකි.ඒසේම ලයනල් බෝපගේ මහතා දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පිළිගත් අතර ඒ වෙනුවෙන් පෙනී සිටියේය.

එහෙත් රෝහණ විජේවීර සහෝදරයා දැරුවේ ඊට හාත්පසින්ම වෙනස් මතයකි.සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන් දෙමළ ජනතාවගේ දායකත්වය මහ ඉහලින් අපේක්ෂා කළ විජේවීර දෙමළ බෙදුම්වාදීන් සමග ඒකාබද්ධ ගමනකට කිසිදු ලෙස එකග නොවීය.දෙමළ ජනතාවට පමණක් වෙන්වු ස්වයංතීරණයක් නොමැති බවත් සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් සහ මැලේ සෑම ජන කොටසකටම (ජාතිකත්වයකටම) ඇත්තේ අධිරාජ්‍යයවාදීන්ගෙන් නිදහස් වී ජාතික නිදහස දිනා ගැනිමේ ස්වයංතීරණ ගැනීම බව විජේවීර කියා සිටියේය.දිනා ගත් ජාතික නිදහස් මග ඔස්සේ සමාජවාදය ගොඩ නැගිය යුතු බවට උපායමාර්ගික ප්‍රවේශයක්ද විජේවීරයන් විසින් නිර්මාණය කරනු ලැබිය, මෙම මතවාදී ගැටළුව විසදීමට වෙනූවෙන් ජාතික ගැටළුවට අපේ විසදුම නම් න්‍යයාත්මක පුස්ථකය විජේවීරයන් අතින් රචනා විය,විජේවීරයන්ගේ එම ස්ථාවරය ජවිපෙ න්‍යායික ස්ථාවරය වු අතර එම න්‍යායික මග පෙන්වීම යටතේ ජාතික ගැටළුව විසදිය යුතු ස්ථාවර පදනමක ජවිපෙ පිහිටියේය.එසේම මහ ජාතික ජාතිවාදය පිළිනොගැනීම මෙන්ම සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී නොවන බව පිළිගැනීමට ජවිපෙ පසුබට නොවීය.

පසුගිය දා ලයනල් බෝපගේ මහතා ලංකාවට පැමිණියේය.ඔහු විසින් පසුගියද පොතක් එළිදැක්වීමද කරනු ලැබීය.අනතුරුව ඔහු ජවිපෙ නායක අනුර දිසානායක මහතාද හමුවී තිබිණි.දැන් අනුර ඔහුගේ කරට අතදා ගෙන ඇත.නමුත් ඊට පෙර විජේවීර සහෝදරයා සහ ලයනල් බෝපගේ මහතා අතර වු සංවාදයෙන් පරාජය ලැබූ බෝපගේ මහතාගේ මතවාදය සම්බන්ධ ජවිපෙ ස්ථාවරය රටට කිවයුතුය. දැන් ජවිපෙ තුළ පිළිගන්නේ රෝහණ විජේවීරයන්ගේ ස්ථාවරය ද ලයනල් බෝපගේ ගේ ස්ථාවරය ද බව ඔවුන් කිවයුතුය.විජේවීර සහෝදරයාගේ ස්ථාවරයන්ට බොහෝවිට ලෙනින්වාදී පදනමක් තිබිණි.නමුත් ලයනල් බෝපගේ මහතාගේ ස්ථාවරයන් තුළට දෙමළ ජාතිවාදයේ අශ්වාදය ඔහුටත් හොරෙන් රිංගාගෙන තිබේ.පසුගියදා මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අනුර දිසානායක මහතා සම්බන්ධව අපූරු විග්‍රහයක් කළේය. ඔහු කීවේ අප අනුර කුමාර දිසානායක මහතාට කැමති වූයේ ඔහු ලෙනින්වාදියෙකු නොවන නිසා බවයි.දැන් අනුරගේ බළලා මල්ලෙන් එළියට පැන ලයනල් බෝපගේ ගේ මල්ලට රිංගාගෙන ඇත.හෙට දවසේ ලයනල් බෝපගේ ගේ මල්ලෙනුත් එළියට බළලා පනිනු ඇත.ඒ දෙමළ බෙදුම්වාදී මතවාදය සමග ජවිපෙ අත්පටලා අවසන් වීමෙන් පසුය.

priyanjeth wetharana

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *