Press "Enter" to skip to content

ඉන්දියාවේ විරෝධතාවක්

ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතාවක් පවත්වා ඇත.

ෂියා මුස්ලිම්වරුන්ගේ සහභාගීත්වයෙන් එම විරෝධතාව පැවැත්වුණි.

ඉරාන හමුදා ප්‍රධානී ජෙනරාල් කාසෙම් සොලෙයිමානි ඝාතනය කිරීමට විරෝධය පළකරමින් ඉන්දියාවේ විරොධතාවක් පැවැත්වුණි.

එරට කඳුකර කාර්ගීල් කලාපයේ පැවැති මෙම විරෝධතාව සංවිධානය කරතිබුණේ ෂියා මුස්ලිම්වරුන් කණ්ඩායමක්.

කාර්ගිල් කලාපයේ වෙසෙන බහුතර ජනතාව ෂියා මුස්ලිම් ජන කණ්ඩායමට අයත්.

සිකුරාදා දේවමෙහෙය අවසන්වීමෙන් අනතුරුව පැවැති මෙම විරෝධතාව සදහා ෂියා මුස්ලිම්වරුන් රැසක් එක්ව සිටියේය.

ඉරාන හමුදා නායකයා ඉරාකයේදී ඝාතනයට ලක්වීම සම්බන්ධය සිය දැඩි අප්‍රසාදය පළකිරීමටත් මෙහිදී ජනතාව කටයුතු කළේය.

ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සොලෙයිමානි ඝාතනය කිරීමට අමෙරිකාව කටයුතු කළේ පසුගියදායි.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පූර්ණ අනුමැතිය යටතේයි.

කෙසේ නමුත් මෙම කරුණ හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ දැඩි මතභේදාත්මක තත්තවයක් උද්ගතව පවතියි.

මේ අතර නිවේදනයක් නිකුත් කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයද පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය අරඹයා මැදපෙරදිග අර්බුදය තවදුරටත් උග්‍රනොවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *