Press "Enter" to skip to content

ඉන්දු-රුසියා ඒකාබද්ධ හමුදා යුද අභ්‍යාස මාලාවක්

ඉන්දු- රුසියා ඒකාබද්ධ හමුදා යුද අභ්‍යාස මාලාවක් ඉන්දියාවේ නගර කිහිපයකදී පවත්වා තිබේ.

යුද අභ්‍යාස මාලාව දින නවයක් පුරා පැවැත්වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දීය හා රුසියා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ඉන්ද්‍රා 2019 යුද අභ්‍යාස මාලාව ඉන්දියාවේදී නිමාවට පත්විය.

උත්තර් සහ මහරාෂ්ට්‍ර  ප්‍රාන්තවල නගර කිහිපයකදී යුද අභ්‍යාස සිදු කෙරුණු බව විදෙස් වාර්තාවල සඳහන්.

දින නවයක් පුරා පැවති යුද අභ්‍යාස මාලාවේ ගුවන් අභ්‍යාස සිදු කෙරුණේ බටහිර පූනේ නගරයේ ගුවන් හමුදා කඳවුරේදීයි.

එහි නාවික අභ්‍යාස අරාබි මුහුද ආශ්‍රීතව සිදුකර තිබුණි.

ඉන්ද්‍රා යුද අභ්‍යාස මාලාව මීට පෙර පවත්වා තිබෙන්නේ එක් වරක් පමණයි.

2017 වර්ෂයේදී රුසියාවේ ව්ලැදිවොස්ටොක් ප්‍රදේශයේදී එම අභ්‍යාස මාලාව පවත්වා තිබුණි.

මෙම අභ්‍යාස මාලාවෙන් දෙරටේ යුද අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකිවූ බවත් දෙපාර්ශවයටම ඊට වඩා හොඳ අත්දැකීමක්වූ බවත් හමුදා ප්‍රධානීන්ගේ අදහසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *