Press "Enter" to skip to content

කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කරයි

චීනයෙන් පිටතදී නව කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීමට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට මෙම සොයාගැනීම උපකාරී වනු ඇති බවට විශ්වාස කෙරෙයි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් පළමු වරට හමුවූ කොරෝනා වෛරසය මේ වන විට චීනයේ කලාප 31කට සහ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 15කට පැතිරී ගොස් තිබේ.

වෛරසය ආසාදනය වීමෙන් මියගිය ගණන 130 ඉක්මවන අතර මරණ සියල්ලම වාර්තාවී තිබෙන්නේ චීනයෙන්.

වෛරසය ආසාදිතයන් ගණන හයදහසකට ආසන්නයි.

වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා චීනය ඇතුළු ලොව රටවල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබුණි.

මීට පෙර චීන විද්‍යාඥයන්ද එම වෛරසය ප්‍රතිනිර්මාණය කර තිබූ නමුත් චීනයෙන් පිටතදී එවැන්නක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

මෙම නව සොයාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුවත් කර ඇති අතර රෝග නිශ්චය කිරීමේ ප්‍රතිකාර කිරීමේ කටයුතු සඳහා එය උපකාර කර ගතහැකි බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *