Press "Enter" to skip to content

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ පොලිස් ප්‍රධානියෙක් මරුට

ඇෆ්ගනිස්ථානයේ තකාර් පළාතේ පොලිස් ප්‍රධානීවරයා තලෙයිබාන් සංවිධානය සිදු කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ පොලිස් ප්‍රධානියා ඊයේ දිනයේ දී සිය ආරක්ෂකයින් සමඟ කාබුල් ප්‍රදේශය බලා ගමන් කරමින් සිටියදී එල්ල වු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

අදාළ ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සටන්කාමීන් විසින් භාරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *