Press "Enter" to skip to content

බුර්කිනා ෆාසෝහි හමුදා කඳවුරකට ප්‍රහාරයක්-කාන්තාවන් 35ක් මරුට

බුර්කිනා ෆාසෝහි හමුදා කඳවුරකට සහ නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 දෙනෙකු මියගොස් ඇත. 

අදාල ප්‍රහාරයෙත් තවත් හමුදා භටයින් 07 දෙනෙකු සහ සටන්කාමින් 80 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා කළේ. 

ප්‍රහාරය හේතුවෙන් එරට ජනාධිපති රොච් මාක් ක්‍රිස්ටියන් කබෝර් විසින් දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. 

කිසිදු පාර්ශවයක් විසින් ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *