Press "Enter" to skip to content

ලොව පුරා කොරෝනා

කොවිඩි නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් රැසකින් තවත් පුද්ගල මරණ මෙන්ම ආසාදිතයින් ද වාර්තා වී තිබේ. 

ඒ අනුව ඉතාලියේ සිදුවූ දෙවන පුද්ගල මරණය අදවාර්තා වී ඇති අතර ඉරානයෙන් නව කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු ඊයේ (22)  දිනයේ වාර්තා විඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඉරානයෙන් මේ වන විට පුද්ගල මරණ 5ක් මෙන්ම එරට අගනුවර වන ටෙහෙරාන් නුවරින් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබේ. 

මීට අමතරව දකුණු කොරියාවේ නව  කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 433ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *