Press "Enter" to skip to content

ෆින්ලන්තයට කොරෝනා

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය අදවනවිට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.

මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි.

එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වූහාන් සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙසේ වෛරස ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කෙරුණි.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී ඇත.

එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙයි.

මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කළේය.

එමෙන්ම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *