Press "Enter" to skip to content

අගමැතිධූරය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.

 

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *