Press "Enter" to skip to content

ගංවතුර ගැන රතු නිවේදනයක්

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ අද (09) පෙ.ව 7ට ජල මට්ටම මීටර 8.94ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

 

ඒ අනුව මහ ඔය ද්‍රෝණියේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වල ජීවත් වන ජනතාවට දැඩි සැලකිල්ලෙන් සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 

අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලින් සහය ඉල්ලා ඇතැයි ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *