Press "Enter" to skip to content

අද වෛද්‍යවරු වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (22දා) පෙරවරු 8.00 සිට හෙට (23දා) පෙරවරු 8.00 දක්වා දීපව්‍යාප්ත වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බාල ඖෂධ ගෙන්වීම, රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, සුදුසුකම් නොමැති අය වෛද්‍ය වෘත්තියට බඳවා ගැනීමට උත්සාහ කිරීම, සීමාවාසික වෛද්‍ය හි`ගයට විස`දුම් නොදීම ඇතුළු ඉල්ලීම් අටක් මුල්කරගෙන මෙම එක්දින වෛද්‍ය වර්ජනය සිදු කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු වගකිවයුත්තන් දැනුවත් කළ ද නිසි ප‍්‍රතිචාර නොදැක්වීම නිසා මෙම වර්ජනය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. වර්ජනය පැවතිය ද සියලූ හදිසි ප‍්‍රතිකාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ද මාතෘ, ළමා, මහරගම අපේක්ෂා සහ ත‍්‍රිවිධ හමුදා රෝහල්වල සහ විශේෂිත වකුගඩු රෝගී ප‍්‍රතිකාර ඒකකවල වෛද්‍ය වර්ජනය ක‍්‍රියාත්මක නොකිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ පේ‍්‍රමරත්න මහතා සඳහන් කරන්නේ මෙම වර්ජනයට තම සංසදය සහාය නොදක්වන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *