Press "Enter" to skip to content

ඇප මුදල් තැන්පත් කළ ගණන 17 දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමෙන් අපේක්ෂාවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09 කින් සහ ස්වාධීන පුද්ගලයන් 08 දෙනෙකුගෙනි.

මීට අමතරව ස්වාධීනව ඉදිරිපත් වීමට නියමිත සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පල යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ද අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ 2010 ජනාධිපතිවරණය සඳහායි. එවර අපේක්ෂකයන් 22 ක් ඉදිරිපත් වූ අතර පසුගිය 2015 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 19 ක් තරග කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත අතර ඒ අනුව 2019 ජනාධිපතිවරණය වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය බවට පත්වනු ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *