Press "Enter" to skip to content

ඉන්දු – ශ්‍රී ලංකා පංච කේන්ද්‍රීය අවබෝධතා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ඉරණම

ඉන්දීය රජය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹගත් අවබෝධතා ගිවිසුම් අනුව ඉදිරියේදී සාම්පූර්ණ ප්‍රදේශය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකු සංකීර්ණය ලංකාවේ රාජ්‍ය පාලනයේ ගිලිහීයාමේ තත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන තොරතුරුවලින් අනාවරණය වේ.

 

මෙයට මූලික පදනම මතු වී තිබෙන්නේ අලුතින් එළඹගන්නා ලද පංච කේන්ද්‍රීය සහයෝගීතාවය මගින් ඉන්දියාව මෙරටට බලයෙන් පටවලලද කොන්දේසි බව අනාවරණය වේ. සමුද්‍රීය කටයුතු, වෙළඳ හා ආර්ථික මූල්‍ය සබඳතා, ගුවන් සබඳතා, විදුලිබල හා බලශක්ති සබඳතා මෙන්න පුද්ගල සබඳතා යනුවෙන් යනුවෙන් අදාල පංච කේන්ද්‍රීය ක්ෂේත්‍ර නම්කර තිබේ.

 

මේ අතර විදුලිබල හා බලශක්ති සබඳතා යටතේ ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සංකීර්ණයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිරිකීමට යොජිත විදුලි උත්පාදන බලාගාරයක් පදනම් කරගනිමින් ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය මුළුමනින්ම අහිමිවනු ඇති බවට අනුතු ඇඟවීම් ඇතැම් ඉන්දීය විරුද්ධ පක්ෂ පවා මේ වනවිට සිදුකර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 

මේ අතර මෙරට දේශපාලන විශ්ලේෂකයන් මත පලකරමින් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ලංකාව ක්‍රියා කරන යටහත්පහත් භාවයට වඩා ත්‍රීව්‍ර නතුවීමක් මෙම පංච කේන්ද්‍රීය අවබෝධතා ගිවිදුම් අනුව සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම ඉන්දීම මහා මැතිවරණය අභියස නරේන්ද්‍ර මෝදි පාලනය ගෙනයන උපායමාර්ගික දේශපාලනය ලංකාව සම්බන්ධයෙන් වඩාත් කොටු කිරීමේ ආකාරයක් උසුලන බව පෙන්වා දී තිබේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *