Press "Enter" to skip to content

ඒක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට මීට ස්වල්ප වේලාවකට පෙර පැවති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සාකච්ජාවකදී තීරණය වී ඇති බව වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ. පිරිස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් පේමදාස මහතා නම් කිරීමටත් පක්ෂ නායක ධුරයේ දිගටම රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටීමටත් අගමැතිධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටීමටත් මෙහිදී තීරණය වී තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ද මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ද තරග කිරීමට නියමිත බවද වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *