Press "Enter" to skip to content

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.

එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ මයික් රයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. ඒ හේතුවෙන්, නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ද මයික් රයන් එහිදී කියා සිටියා. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100 ක් පමණ අත්හදා බලමින් පවතිනවා. නමුත්, ඒවා අතරින් වඩාත් ඵලදායී එන්නතක් සොයා ගැනීම දුෂ්කර බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. 

ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 44 ලක්ෂ 27,543 ක් දක්වාත්, ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 98,059 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති ලොව පුරා පුද්ගලයින් ගණන 16 ලක්ෂ 57,735 ක්. 

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *