Press "Enter" to skip to content

චන්ද්‍රිකාගේ නිවසේ විශේෂ රහස් සාකච්ඡාවක්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ටොරිංටන්හි පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

 

අද (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා විය.

 

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

 

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්වී සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *