Press "Enter" to skip to content

ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි (වීඩියෝ)

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.

ජගත් ප්‍රියංකර මහතා, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරයි. ඔහු  2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්යෙන් ඉදිරිපත්ව මනාප 40,527 ක් ලබා ගත්තා.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *