Press "Enter" to skip to content

දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය.

 

1949 වසරේ මාර්තු මස 02 වනදා උපත ලැබූ දිනේෂ් ගුණවර්ධන, ‘බොරළුගොඩ සිංහයා’ යන විරුදාවලිය ලැබූ සිය පියාවන පිලිප් ගුණවර්ධනගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරමින් සිටී.

 

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු දිනේෂ් ගුණවර්ධන ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය සහ ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකර ගත්තේ, නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙනි.

 

1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවට පිවිසීමට සමත්විය.

 

එතැන් පටන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, විවිධ රජයන් යටතේ අමාත්‍ය ධුර රැසක් දරා තිබේ.

 

එසේම ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සහ පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද දරා ඇත.

 

දිනේෂ් ගුණවර්ධන මැතිවරණ ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා තුනක සභාපති ධුරය ද දරා තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *