Press "Enter" to skip to content

ජනපති-ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් අතර හමුවක් (ඡායාරූප)

ශ‍්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඩේවිඩි හෝලි (David Holly) මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමාගේ සහ ඕස්ටේ‍්‍රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස් වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ‍්‍රී ලංකාවට  ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබා දීමට මැදිහත් වන බව පැවසීය.

ශ‍්‍රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *