Press "Enter" to skip to content

ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති නීතිඥවරයෙකු ද වන ජයම්පති වික්‍රමරත්න මහතා 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වුණි. 

පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක කටයුතු කර ඇති ඒ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *