Press "Enter" to skip to content

කරූ කථානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි?

කරූ ජයසූරිය මහතා කථානායක ධූරයෙන් ල්ලා අස් වී ඇති බවට දැඩි ප්‍රචාරයක් අද දින තුළ ප්‍රචාරය වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් කථානායකතුමාගේ මාධ්‍ය ලේකම් චමින්ද ගමගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි දෙයක් සිදු වී නොමැති බවයි.

නමුත් අද හෙටම කථානායක ධූරයෙන් කරූ ජයසූරිය මහතා ඉල්ලා අස්වීමේ වැඩි ඉඩක් පවතින බවටද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ප්‍රචාරය වෙමින් පවතී.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් තරඟ වැදීම සඳහා ඔහු වෙත යම් යම් ඉල්ලීම් ලැබී ඇතැයි ද වාර්තාවේ. මේ දිනවල කථානායකතුමාගේ නිල නිවසේ දී විශේෂ ආගමික වතාවත් ද යම් යම් දානමය පුණ්‍යකර්මය සිදුවෙමින් පවතින බවද වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *