Press "Enter" to skip to content

ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද? ගෝලීය ශ්‍රී ලංකේය සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව පහදයි!

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසම “මානව හිමිකම් මර උගුලට” කොටු කිරීම සඳහා ගෙන යන ක්‍රියාදාමය පරාජය කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලංකේය සංසදයේ සහ ජාතික සංවිධාන එකමුතුවේ යෝජනා සම්බන්ධයෙන් මෙතෙක් කලක් ආණ්ඩුව මෙන්ම වගකිවයුත්තන් දැනුවත් කළද ඒ සම්බන්ධව මෙතෙක් සාධනීය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව එම සංවිධාන වල අදහසයි.

 

ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කරණ යෝජනා සම්බන්ධයෙන් මහජන සාකච්ඡාව 24 වන බදාදා (අද) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09:00ට“ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?” නමින් සිදු කිරීමට නියමිතය. ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතාත්, ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයන් වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සහ යසස් ධර්මදාස මහතාත්, ගෝලීය ශ්‍රී ලංකේය සංසදයේ ශ්‍රි ලංකා නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාත් සහභාගි වීමට නියමිතය.

 

පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ ඕනෑම අයෙකුට සහභාගි විය හැකි බව සංවිධායකයෝ පවසති…

meeting. Topic: ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?-ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්රී ලාංකේය සංසදයේ විධායක කමිටුව Time: Feb 24, 2021 09:00 PM Asia/Colombo
Meeting ID: 815 6764 8385 Passcode: 123123

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *