Press "Enter" to skip to content

ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමත් සමඟ හමුදාවට දඬුවම් දීම – බලය බෙදීම අහෝසි වේ

ජිනීවා යෝජනාවෙන් ඉවත්වන බවට රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත දැනුම්දීම නිසා වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම සහ උතුරු නැගෙනහිරට බලය බෙදාහැරීම යන කරුණු අහෝසි වන බව රජය සඳහන් කරයි.

2015 සැප්තැම්බර් මස එකඟ වී තිබූ ජිනීවා යෝජනාවෙන් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට නඩු පවරා දඬුවම් කළ යුතු බවට ඉල්ලා තිබිණි.

මේ හැර ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ජිනීවා යෝජනාවේ සඳහන්ව ඇත.

මෙම ජිනීවා යෝජනාවට පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට නොදන්වා එකඟත්වය පළ කර තිබුණේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසිනි.

එම ජිනීවා යෝජනාවට එකඟවීම තුළින් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගෙන ඇත.

මේ අතර ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වූ බව දැන්වීම සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබන සතියේදී ජිනීවා නුවර යන බව විදේශ කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *