Press "Enter" to skip to content

ඩොලර් මිලියන 6.9ක් වන්දිගෙවා මහජන බැංකුව අසාධුලේඛනයෙන් ඉවත් කරගනී

මහජන බැංකුව සිය අසාධුලේඛනයෙන් ඉවත් කිරීමට මෙරට චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය පියවර ගෙන ඇත.

 

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී, මහජන  බැංකුව අසාදුගත කරනු ලැබුවේ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙනි.

 

මතභේදයකට ලක්වූ එම කාබනික පොහොර තොගය ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහා වූ බැවින් මෙම පියවර ගෙන තිබිණි.

 

පසුව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කළ අතර එම ගෙවීම් සිදුකිරීමෙන් පසු මෙම තීරණය ගත් බව චීන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *