Press "Enter" to skip to content

දුමින්ද දිසානායකගේ පිස්තෝලය සහ සේමසිංහගේ පවුම් 60ක් අතුරුදන්

පසුගිය 9 වනදා ඇති වූ කලහකාරී සිදුවීම අතරතුර අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ නිවසේ තිබූ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහගේ නිවසේ තිබූ පවුම් හැටක රන් ආභරණ ද අතුරුදන්ව ඇති බවට අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

 

රට පුරා ඇතිවූ කළහකාරී සිදුවීම්වල දී අනුරාධපුර ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි දුමින්ද දිසානායක සහ එච්.බී. සේමසිංහගේ නිවෙස් දෙකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා එහි දේපළවලට හානිකර තිබුණා.

 

කෙසේ වෙතත් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාගේ සහෝදරයෙකු විසින් අනුරාධපුර පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ලියාපදිංචි කළ පිස්තෝලයක් වන මෙය පසුගිය 9 වනදායින් පසුව අතුරුදන්ව ඇති බවයි.

 

කෙසේ වෙතත් අනුරාධපුර පොලීසිය සඳහන් කළේ, සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ලෙස රස පරීක්ෂකවරයාට දැනුම් දී ඇති බවයි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *