Press "Enter" to skip to content

දෙමළ ජාතික සන්ධානයට නව අභියෝගයක්… උතුරේ මැතිවරණය උණුසුම් වන ලකුණු

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සන්ධානය මාළුවා ලකුණින් තරග කිරීමට නියමිත බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.

විග්නේශ්වරන් මහතා පැවසූවේ තෛපොංගල් මුට්ටිය නොහොත් පානෙයි සළකුණ යටතේ තමන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි නමුත් නව සන්ධානයට එක්වු පක්ෂ නායකයින් හා සිවිල් සංවිධානවල ඉල්ලීම පරිදි නව සන්ධානය පාර්ලිමේන්තු මැතිවරණයට මාළුවා සළකුණින් යුතුව ඉදිරිපත් වන බවයි.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ සන්ධානගත පක්ෂ පෙබරවාරි මස 09 වැනිදා සන්ධානගත ගිවිසුමට අත්සන් කෙරිණ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රීකාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතාපක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කරනු ලැබීය.

දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම මඟින් ගිවිසුම් ගතවිණ.

විග්නේශ්වරන් මහතා පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසදුම් නොලැබෙන බැවින් තමන් ප්‍රධාන කණ්ඩායම නව සන්ධානයක් බිහි කළ අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් වීමට නව සන්ධානය සුදානම් බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *