Press "Enter" to skip to content

දේශපාලනයෙන් අයින් වෙලා ගෙදර යනවා, ඒත් පොහොට්ටුවට යන්නෑ – කුමාර වෙල්ගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට කිසිසේත් නොහැකි බවත්, ශ්‍රීලනිපය යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළහොත් තමා කෙටිකාලීන දේශපාලන විවේකයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් තමා මෙතෙක් දැරූ ස්ථාවරය කිසිසේත් වෙනස් නොවන බවත් යම් හෙයකින් ගෝඨා හැර දිනේෂ් ගුණවර්ධන මහතා හෝ වෙනත් පුද්ගලයෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ නම් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නට හැකිව තිබූ බව ද වෙල්ගම මහතා වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ නමුත් නාමයෝජනා භාරදීමෙන් වැලකී සිටියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා නිසා බව ද කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *