Press "Enter" to skip to content

මංගලගේ ගෙදර සජිත් අභිෂේක ලබද්දී රවිගේ ගෙදර කරූ අභිෂේක ලබයි

මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් රාත්‍රී භෝජන සංග්‍රහ දෙකක දී ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙදෙනෙකුගේ අවධානය යොමු කරවීමට සමත්වී තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ දී පැවැති හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහයේ දී එහි සිටි පිරිස් ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට තරග කළ යුතු බවයි.

මේ අතර මීට සමගාමීව තවත් භෝජන සංග්‍රහයක් ඇතුල්කෝට්ටේ පිහිටි අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවසේ දී පැවැත්විණ. අමාත්‍ය වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය රවී කරුණානායක අතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ද මේ සඳහා එක්ව සිටි බව වාර්තා වේ.

එම රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් සමඟ සුහද කතාබහක නිරත වීමයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා කිරීමේදී කථානායක කරු ජයසූරිය මහතා පිළිබඳවද අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර ඇති බව කුඹීයෝ නිවුස් වෙත වාර්තාවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *