Press "Enter" to skip to content

නිවාස තුනක් ගිනි ගනී

හාලිඇල-නුවරඑළි මාර්ගයේ මුස්ලිම් විථියේ මුස්ලිම් පල්ලිය ඉදිරියේ ඇති නිවාස තුනක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

මෙම ගින්න අද(07) අළුයම හතරට පමණ හටගෙන ඇති බව වාර්තා වේ.

අදාළ ගින්නෙන් මෙම නිවාස තුන සම්පූණයෙන් ගිනිබත් වී ඇති අතර බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න පැතිරී යාම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවර්ණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *