Press "Enter" to skip to content

පාස්කු ප්‍රහා­ර­ක­යන් 2018දීත් පහ­ර­දීලා

පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු එස්. සම්සුදීන් නමැති ඉන්දීය ජාතිකයාගේ ජංගම දුරකථනයේ තිබූ මුජහිදීන් ෆෝ අල්ලා නමැති වට්ස්ඇප් ගිණුමට සම්බන්ධ ශ්‍රී ලාංකික දුරකථන අංක 702ක් පිළිබඳව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවකුගෙන් සහරාන් කණ්ඩායමේ අනුගාමිකයන් සිදුකළ තවත් ප්‍රහාර දෙකක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

 

අත්අඩංගුවේ පසුවන එම සැකකරු හෙළිකර ඇත්තේ 2018. 02.05 දින කාත්තන්කුඩියේ අබ්දුල් මොහොමඩ් ෆර්හාන්ගේ නිවෙසට හා 2018.02.12 දින කාත්තන්කුඩිහි සී. බී. කාසින් පටුමගේ යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේත් සහරාන්ගේ අනුගාමිකයන් බවයි.

 

එසේම එම ප්‍රහාර දෙකෙහි සහ පාස්කු ඉරුදින කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරුම් ස්ථානයේ තිබි අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ සැසඳේද යන්න රජයේ රස පරීක්ෂක වාර්තා මඟින් සොයා බලමින් සිටී.

 

කූඹියෝ නිව්ස් වට්ස්ඇප් ගෲප් සඳහා  එක්වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *