Press "Enter" to skip to content

පාස්කු සැකකරුවන්ට නඩු

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි .

 

දැනට සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් පවරා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

 

අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් සියයට 75ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවතත් යවා ඇතැයි කී ඇමැතිවරයා ඉතිරි සියයට විසි පහ ලැබුණු පසු නඩු පැවරීම් කටයුතු සූදානම් කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.

 

මේ අතර නඩු පැවරීම් කටයුතු ඉක්මන් කර ගැනීම සඳහා නීතිපතිවරයා සමග කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු තමා පත් පත් කළ බව ද සරත් වීරසේකර මහතා පැවසුවේය

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *