Press "Enter" to skip to content

අම්බලන්ගොඩදී පිහි පහරකින් යුද හමුදා ‌‌සෙබළෙකු ජිවිතක්ෂයට

අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදෙශයේ දි ඊයේ (31) රාත්‍රි යුද හමුදා සෙබලෙකු පිහියකින් ඇණ ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ විසිඑක් හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු රාජකාරි නිවාඩු ලබා නිවසට පැමිණ තිබු අතර අද 01 දින සේවයට වාර්තා කිරිමට නියමිතව තිබුණි.

මිතුරන් පිරිසක් අතර ආරවුලක් ඇති වි  තිබෙන අතර එම ආරවුල බේරිමට යාමේ දි  එහි සිටි අයෙකු විසින් මෙකි යුධ හමුදා සෙබලාට පිහියෙන්  ඇණ ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. පිහි ඇණුමෙන් තුවාල ලැබු යුධ හමුදා සෙබලා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මෙකි ඝාතනයට සම්බන්ධ  සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා අම්බලන්ගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *