Press "Enter" to skip to content

බෝම්බ චෝදනාව පොහොට්ටුව ප්‍රතික්ෂේප කරයි

මැතිවරණ ඉලක්ක කර ගනිමින් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බෝම්බ ප්‍රහාරයක් සැලසුම්කර ඇති බවට කිසිඳු ප්‍රභවයක් නොමැතිව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එල්ල කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා මැතිවරණ කොමිෂන් සභාවේ මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමුකරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකදීම මැතිවරණ ජයග්‍රහණය සඳහා ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇති බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *