Press "Enter" to skip to content

මයික් පොම්පෙඕ අද ශී‍්‍ර ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ ඕ දෙදින නිල සංචාරයක් සඳහා අද (27 දා) මෙරටට පැමිණීමට නියමිතය.

රාජ්‍ය ලේකම්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එරට හමුදා හා බුද්ධි නිලධාරීහු දැනටමත් මෙරටට පැමිණ සිටිති.

එම නිලධාරීන් ඇමෙරිකානු ගුවන් හමුදා සී-17 ගුවන් යානයකින් හා කටාර් රාජ්‍යයට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ. රාජ්‍ය ලේකම්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ඇමෙරිකානු බුද්ධි හා හමුදා නිලධාරීන් මෙරට රාජ්‍ය බුද්ධි අංශය සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපතිවරයා හා අගමැතිවරයා හමුවීමට නියමිතය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය ආසියානු සංචාරයේදී ශී‍්‍ර ලංකාව මෙන්ම ඉන්දියාව, මාලදිවයින, ඉන්දුනීසියාව යන රටවල රාජ්‍ය නායකයන්ද හමුවීමට නියමිතය.

 

https://www.facebook.com/Laba-kade-%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6-%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A-1807588592832674

විකුණන්න – මිලදී ගන්න

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *