Press "Enter" to skip to content

රජයේ පත්වීම් හත්දහස් පන්සියයක් මැතිවරණ කොමිසම නවත්වයි

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදී තිබූ පුහුණු ව්‍යාපෘති සහයක පත්වීම් හත්දහස් පන්සියයක් මැතිවරණ කොමිසමේ නියෝගයකින් අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.

රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර මෙම පුහුණු ව්‍යාපෘති සහයක බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් පී සිවඥානසෝති මහතාගේ අත්සනින් යුතුව ඉකුත් දස වෙනි දින සඳහන් කරමින් පත්වීම් ලිපි නිකුත් කර තිබිණ. එම පත්වීම් ලාභීන් ඊයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලටගොස් රාජකාරි භාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙස මැතිවරණ කොමිෂම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *