Press "Enter" to skip to content

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් 6 වන දිනට අද සලකා බැලෙයි

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කෙරෙයි.

අද(26) පෙරවරු 10.00 ට පෙත්සම්වල වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරෙන බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්රිනයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙන බව සඳහන්.

අද දිනයේ මැතිවරණ කොමිශන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් කරුණු දැක්වීමට නියමිතව තිබේ.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *