Press "Enter" to skip to content

රනිල්ගේ පාවාදීම් සියල්ලට මහින්ද ඇතුළු නඩය වගකිව යුතුයි – කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

 

මෙරට දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ තිස් අවුරුදු යුද්ධයෙන් දෙමළ බෙදුම්වාදීන්ට ලබාගැනීමට නොහැකි වූ සියලු ඉල්ලීම් ලබාදීමේ ක්‍රියාවලියක් බවත්, රණවිරුවන් යුද අපරාධකරුවන් කිරීම සඳහා ගෙනවිත් ඇති සත්‍ය සෙවීමේ කොමිසම පනත අහම්බෙන් ගෙන ආ පනතක් නොවන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ විගසම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නැගීමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ බවත්, මෙම පනත ගැනද එම ජිනීවා යෝජනාවලියේ දක්වා ඇති බවත් ය.

 

මෙමගින් මෙරට රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් හමුවට පැමිණවීම, ඒ සඳහා සාක්ෂි සෙවීම, පිටරටවලදී නඩු විභාග කිරීමට හැකිවීම වැනි කරුණු ඉටුකර ගැනීමට මෙගින් හැකිවන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

 

ඒ අතරම, සියලු ජාතික උරුමයන් විනාශකර දමා, ජාතික සම්පත් අමු අමුවේ විදේශීය ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ද අද මෙරට ක්‍රියාත්මක වන බවත් කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී පැවසීය.

 

මෙම තත්ත්වයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොහොට්ටුවේ නායකයන්ද වගකිව යුතු බවත්, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ වැනි පොහොට්ටුවේ නායකයන් ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ සියල්ල සිදුකිරීමට සහාය වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

වීඩියෝව නරඹන්න…

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *