Press "Enter" to skip to content

රනිල් පාස්කු වගඋත්තරයෙන් ඉවතට

පාස්කු ඉරුදින ප්‍රහාරයට එරෙහිව සුදුසු පියරක් ගන්නා ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරු හැටියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වගඋත්තර කාර භාවයෙන් ඉවත් කරන බව සත්පුද්ගල විනිසුරු මඩුල්ල මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රධාන සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ මෙසේ ද සඳහන් වේ

 

ආණ්ඩු ක්‍රම ව්‍යාවථාවේ 35 – 1 වගන්තිය යටතේ ජනාධිපති ධූරය දරණ පුද්ගලයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකිය. මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයාය. එබැවින් ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ද සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ සඳහන් වේ.

 

whatsapp Group සමගින් එක්වන්න 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *