Press "Enter" to skip to content

රඹුක්කන නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

කෑගල්ල – රඹුක්කන – දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් අයෙකු එහිදී බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ ඥාති දියණියක්.

මිය ගිය මවගේ වයස අවුරුදු 36ක් වන අතර අවුරුදු 8ක ඇගේ දියණිය සහ රාජාංගණයේ සිට පැමිණි 13 හැවිරිදි ඥාති දියණියක මෙලෙස මිය ගොස් ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

බරපතළ තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 40ක්.

මේ අතර, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඊට හේතුව ලෙස එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු සහ ගස් කඩා වැටීමේ අවදානමක් පැවතීමයි.

ඊයේ දිනයේ ද එම මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු සහ ගස් කඩා වැටී තිබූ අතර මේ වන විට ඒවා ඉවත් කර ගැනුණා.

මේ අතර, බදුල්ල, කොළඹ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම නුවරඑළිය, මාතලේ, කළුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල නාය යාම්, පස් කඳු කඩා වැටීම් සහ අධික වර්ෂාව හේතුවෙන් පවුල් 58කට අයත් පුද්ගලයින් 222 නෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටිනවා.

 

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *