Press "Enter" to skip to content

රෝසි ගේ නෝටි වැඩක් ගැන රනිල්ට පැමිණිල්ලක්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ගේ ක්‍රියාකලාපය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් විසින් පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බවද වාර්තා වේ. මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

කොළඹ මහනගර සභාවේ කටයුතු රජය විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම සඳහා සූදානම් වන බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවද වාර්තා වේ. මෙහිදී ඇතැම් නාගරික මන්ත්‍රීවරුන් සෘජුවම නගරාධිපතිනිය ට දොස් පවරමින් චෝදනා එල්ල කර තිබේ. නගර සභාවේ ආදායමද අඩු වී ඇති බව මෙහි දී හෙළිවිය.

කෙසේ වෙතත් ඉදිරි කටයුතු සිදු කරගෙන යාමට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ද සෘජුවම අධීක්ෂණය කරන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *