Press "Enter" to skip to content

ලංකාව පහළට දමන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් ඊයේ (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර අද(11) එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

 

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

 

එසේ ම, මේ සම්බන්ධව සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලෝක බැංකුවට දැනුම් දීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

 

මැදි ආදායම් ලබන රටක් ලෙස 2017 වසරේදී ලංකාව නම් කර ඇති අතර වර්තමානයේ පවතින තත්ත්වය අනුව එම නම් කිරීම ඵලක් නොමැති බව ද ඔහු පවසයි.

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *