Press "Enter" to skip to content

වන අලි මිය යාම පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්? (වීඩියෝ)

හබරණ  රක්ෂිතයේ පසුගියදා වන අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කලා වැව ජාතික  උද්‍යානයේ  වන අලින් පන්නා දැමීම සහ වනජීවී නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පිළිබඳව බරපතල සැකයක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

පසුගිය මාසයේ පහළොස් වන දින සංවිධානාත්මක කණ්ඩායමක් කලාවැව රක්ෂිතයට ඇතුළු වී එහි වන අලින් අලි වෙඩි ගසා පන්නා වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සහ කිරීම සහ එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලූ කණ්ඩායමක් මෙම කලහකාරී සිද්ධියට නතු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම  කණ්ඩායම සිදුකරන කලහකාරී තත්ත්වය පිළිබඳව වීඩියෝ දර්ශන පෙළක් ද එම අවස්ථාවේදි ඔහු මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වන අලින් මේ ආකාරයෙන් ඝාතනය වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට විෂයභාර ඇමතිවරුන් දෙදෙනා නොදැන අදාළ දේශපාලනඥයාගේ බලපෑම මත කලාවැව ජාතික උද්‍යානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවයි. 

එමෙන්ම වන අලින්ට එහි සැරිසැරීමට නොහැකි වන පරිදි එක වැරම කලාවැව ජලය පුරවා තිබෙන බවත් සංචාරකයන් පැමිණෙන විට එම සංචාරකයන්ට පහරදී පන්නා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මාධ්‍යවෙත ලබාදුන් වීඩියෝ කොටස් වල පිරිසක් ඉතා අසෝබන ලෙස සංචාරකයන් පන්නා දමන හා වන අලින් පලවා හරින යුදහමුදාවෙන් බව පවසා වනජීවී නිලධාරීන්ට තර්ජනය කරන මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු එම ස්ථානයට පැමිණ පොලිසියට දුරකථන ඇමතුම් ලබාගන්නා රූපරාමු පවතී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *