Press "Enter" to skip to content

වරාය, තෙල් සංස්ථාව ඇතුළු ලොකු තැන් කිහිපයකට ජනපති පනී… දූෂණ, වංචා, අක්‍රමිකතා තොග පිටින් මාට්ටු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්.) යන ආයතන දෙක ඉකුත් මාසයේ දී රුපියල් පහළොස් කෝටියක් පමණ සේවක අතිකාල දීමනා සඳහා ගෙවා ඇතැයි වාර්තා වේ.

සෑම මසකම සේවකයන්ට මෙලෙස අතිකාල ලබා දී ඇත්තේ ආයතන දෙකේම අතිරික්ත සේවකයන් දහස් ගණනක් නිකරුණේ සිටියදී බව ද හෙළි වී තිබේ.


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් දෙදහසකට වැඩි පිරිසක් සේවය කරන අතර තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි තවත් සේවකයන් තුන් දහසක් පමණ සේවය කරන බවද පිරිස් පාලන අංශ කියා සිටී.


විනය ගරුක සමාජයක් හා සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේදී තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ජාතික ජලාපවහන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආදී රාජ්‍ය ආයතනවල වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සොබැලීමට ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දන්වා ඇති බවද වාර්තා වේ.


ඒ අනුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම කරුණු හෙළිදරව් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *