Press "Enter" to skip to content

විදුලි සැර වැදී එකම පවුලේ 3ක් මරුට

මාතලේ – උකුවෙල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී එකම පවුලේ තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ රාත්‍රීයේ සිදුව ඇති මෙම අනතුරින් එකම පවුලේ මව, පියා සහ ලේලිය මියගොස් ඇත.

පියා රා මැදිම සදහා ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සොය බැලීම සදහා බිරිද, දියණිය සහ ලේලිය ගොස් ඇති බවත් එහිදී අනතුර සිදුව ඇති බවත් වාර්තාවේ. ‍

මෙම සිද්ධියෙන් දියණියටද බරපතළ හානි සිදුව ඇති අතර ඇය උකුවෙල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *