Press "Enter" to skip to content

විදෙස් ඇමති දිනේෂ් අද මානව හිමිකම් මණ්ඩලය අමතයි

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද (26) මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට නියමිතව තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 43  සැසිවාරයට සහභාගීවිම සඳහා ජිනීවා බලා පිටත්ව ගිය විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25)  පස්වරුවේ එරටට ළඟා විය. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්විමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී මානවහිමිකම් කවුන්සිල සාමාජිකයින් දැනුවත් කරනු ඇති. 

එමෙන්ම මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන වාචික කරුණු දැක්වීමට ද අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. 

එළඹෙන 28 වනදා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මුණගැසී සාකච්ඡා කිරිමට නියමිත බව ද විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *