Press "Enter" to skip to content

ශ්‍රිලනිපය තවත් අර්බුදයකට, දුමින්ද ඇතුළු පිරිසක් එජාපයට, එස්බී ඇතුළු පිරිසක් පොහොට්ටුවට

ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ මෙම පිරිස අතර සිදු වී තිබේ. මෙම පිරිසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වී ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගියහොත් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත නිසා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට තීරණය කර තිබෙන බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියයි. මේ අතර එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ලඟදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එම කණ්ඩායම සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර අද හෙටම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *